spot_img
spot_img

පොහොට්ටුවේ මංගල රැලිය 21දා අනුරපුරේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පොහොට්ටු පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ඔහු පැවසීය. මේ වන විට එම නායකයින්ද නැවත පොහොට්ටු පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ මේ මස 21 දින පැවැත්වෙන එම පක්ෂයේ මංගල රැලිය පවත්වනු ලබන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ සූදානම් කටයුතු පිළිබඳ සොයා බැලීමට ඊයේ (11) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...