ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර නොගත්තා නම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමින්.
අද බංගලාදේශයට අත්ව ඇති ඉරණම ලංකාවටද ඇති කිරීම ඊනියා අරගලයේ අරමුණ වූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති නොවුනහොත් බංගලදේශය මෙන් රට විසාලාවක් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ජන මතයට කන් නොදී දේශපාලනය කළ නොහැකි අතර, තමන් තවමත් ඔර්ජිනල් පොහොට්ටුවෙක් බවද ඔහු කියා සිටියා.
රැස්ව සිටි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයෝ අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙහිදී ප්‍රතිඥා දී තිබුණා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“මම අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයක්.. මගේ දේශපාලනයේ පියා ලෙස මම දකින්නේ මගේ පියා.. මම දේශපාලනයට එන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක.. මගේ පරමාදර්ශී නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.. අද අපි සියළු දෙනා එක මතයකට ඇවිල්ලා තියෙන්නේ.. පෞද්ගලික කාරණා පැත්තක තියන්න වෙනවා.. රට එක – පක්ෂය දෙක කියන ස්ථාවරයේ මම ඉන්නවා.. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වෙත් ඒක.. පළමුව, දෙවැනුව සහ තෙවනුවත් මව්බිම කිව්වා.. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙන්.. මම තරම් එතුමාට බැනපු මිනිහෙක් නෑ.. එතුමා වෙනුවෙන් අද අපි කතා කරන්නේ ඇයි? රට ගැන හිතන හින්දයි.. මිනිස්සුන්ගේ මතය අපි තේරුම් ගන්න ඕනේ.. ඒත් ඒ මතය පක්ෂයේ සමහරුන්ට තේරෙන්නේ නෑ.. පක්ෂයේ ලේකම්තුමා මහ පොලොවේ ක්‍රියාත්මක වෙන මතය දැක්කා.. එතුමා ඇවිල්ලා පක්ෂයට කිව්වේ, ඔක්කොම හරි කියලා.. ඒක තමයි මිනිස්සු අද පොහොට්ටුවට පණිවුඩයක් දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතු වෙලා තියෙන්නේ..”




