spot_img
spot_img

මැතිවරණ නීති කඩන රජයේ ආයතන ගැන තීරණය​ක්

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොමු කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරන බවට පැමිණිලි ලැබෙමින් ඇති බවයි.

ඒවා නතර කරන ලෙසට දුන් උපදෙස් ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී අදාළ කණ්ඩායම් යොමු කර තත්ත්වය සොයා බලා පාලනය කරනු ඇති.

මේ අතර මැතිවරණ නීතී උල්ලංඝණය කරමින් කටයුතු කළ අමාත්‍යාංශ දෙකක ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා කරුණු විමසූ බව ද එම කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ, ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයට අනුව සියලු රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.

එසේ නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද මැතිවරණ කොමිසම පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...