ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බවට ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටක්.
ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් එම රාජ්‍ය ඇමැතිවරුන් වනවා.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දී තිබුණා.
කෙසේ වෙතත් ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැති බවට දැනගන්නට ඇති බවයි වාර්තාවන්නේ.




