spot_img
spot_img

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට අදාළ ජනපතිගේ තීරණයට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සහ දත්ත ඇතුළත් කිරීමෙන් කරුණු 4ක් යටතේ කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යටතේ මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව,

1. අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු හඳුනාගැනීම සඳහා ජාතික හැඳුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම.
2. දෙවනුව විදේශ පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන්බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම.
3. ආයතන අනෝන්‍ය වශයෙන් හඳුනාගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය සහ එම ආයතන හිමිකරුවන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුම්පත් අංකය හා විදේශ සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය කෙරේ.
4. අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් ආයතන සමග හුවමාරු කිරීමට හැකිවන පරිදි දත්ත ප්‍රමිතිකරණය සිදුකිරීම නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...