සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු සම වීමෙන් අවසන් වුණා.
ජයග්‍රහණය සඳහා ලකුණු 231ක ඉලකක්යක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 47.5ක් තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 230ක්.
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු සමවීමෙන් අවසන් වූ 45 වන තරගය ලෙසයි මෙය වාර්තා පොත් අතරට එක් වූයේ.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩයම නියමිත පන්දුවාර 50 තුළ කඩලු 08ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 230ක්.
එහි දී දුනිත් වෙල්ලාගේ පන්දු 65 හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 67ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.
පැතුම් නිස්සංක ලකුණු 56ක්, වනිඳු හසරංග ලකුණු 24ක් සහ ජනිත් ලියනගේ ලකුණු 20ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී අක්ෂර් පටේල් කඩුලු දෙකක් දවාගත්තා.
මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 169වන තරගය වනවා.
ඉන් තරග 99ක් ජයගෙන ඇත්තේ ඉන්දීයාවයි.
ඒ අනුව මෙම තරගය ඉන්දියාව ජයගන්නේ නම් ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා කළ 100 වන ජයග්‍රහණය වනු ඇති.
දෙරට අතර පවත්වා ඇති තරගවලින් ශ්‍රී ලංකාව තරග 57ක් ජයගෙන තිබෙන අතර තරග 11ක් විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.




