Monday, April 20, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකා කාන්තා පිළ අයර්ලන්තයට

එක්දින තරග 03කින් හා 20-20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 06 වැනිදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාවද වනවා.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා (2007 – 2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පැවැත් වී ඇති අතර, එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන තිබුණා.

එමෙන්ම දෙරට අතර මේ දක්වා (2009 – 2022) පැවති විස්සයි විස්ස තරඟ 03න් සියල්ලම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාව විසින් වීමද විශේෂත්වයක්.

දෙරට අතර පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එය මේ මස 11 හා 13 දිනවලදී ඩබ්ලින් හා බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එම තරග මේ මස 16, 18 හා 20 දිනවලදී පැවැත්වීමට නියමිතයි.

මෙහි සියලුම තරග බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවේ මේ දක්වා පැවැති තරග අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ 05වැනි ස්ථානය හිමිව තිබෙනවා.

ඔවුන් මේ දක්වා තරග 21කට ක්‍රීඩා කර ඉන් තරග 08ක් ජයගෙන ඇති අතර, තරග 09ක් පරාජය වී තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...