Monday, April 20, 2026
spot_img
spot_img

ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය කාටද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා හා දේශපාලන මණ්ඩලය අද (31) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා අද දින හෙළිකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පසුගිය 28 වැනිදා ප්‍රකාශ කළා.

මහින්ද අමරවීර මහතා එහිදි පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස්වලට කැඩී නැති බවත් වර්තාමානයේ පවතින්නේ නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පමණක් බවයි.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, පක්ෂ මූලස්ථානය පවතින්නේ තමා යටතේ බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ඇතැමුන් කරන ප්‍රකාශ වලංගු නොමැති බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...