spot_img
spot_img

කොළඹ රථ වාහන ගාල් කිරීම ගැන තීරණයක්

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා.

එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ,

“කොළඹ නගර සීමාව තුළ රථවාහන ගාල් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දැනට පවතින මාර්ගවල කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන ක්‍රමය වෙනුවට අපි දැන් යම්කිසි කලාපයක් සඳහා කොන්ත්‍රාත්තුවක් එන විදියට කටයුතු සිදුකරමින් පවතිනවා. බොහෝවිට තව මාස 3ක් වගේ ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ඒ කලාපය තුළ රථ වාහන ගාල් භාවිත කරන පාරිභෝගිකයින්ට වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. මොකද දැනට එක මාර්ගයක රථ නවත්තලා ආසන්නම කාලයේ තව කාලයක් ඉතිරිවෙලා තිබිලා ගාල් කළොත් ඒ ටිකට් එකම භාවිත කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. කලාපය තුළ ක්‍රියාත්මක කිරීමේ දී රියදුරන්ට වාසියක් ලැබෙනවා අදාළ කලාපය තුළ පැයක් වගේ ඇතුළත ස්ථාන දෙක තුනක වුණත් ගාල් කිරීමට හැකියාව ලැබෙනවා.”

රථවාහන ගාල් කරන ස්ථාන සඳහා ඉදිරියේදී විවිධ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට අපේක්ෂා කරන බවද මංජුල කුලරත්න මහතා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...