spot_img
spot_img

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයට දින නියම වෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හය දෙනා එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම අභියාචනා පෙත්සම් අද (30) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවට සම්බන්ධ එක් විත්තිකරුවකු මියගොස් සිටින බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආරුමුගම් රගුපති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කළ ලේඛන ලැබීමේ ප්‍රමාදය නිසා මෙම විත්තිකරුවන් වසර 08කට අධික කාලයක් නිකරුනේ බන්ධනාගාර ගතව සිටින බව සඳහන් කළා.

එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ පරිවර්ථන කළ ලේඛන කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවයි.

මෙම විත්තිකරුවන් මිනීමැරීම, ඊට කුමන්ත්‍රණය කිරීම හා නීතිවිරෝධී ජනරාශිය යනාදී චෝදනාවලට වරදකරු වී සිටින බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරිය විත්තිකරුවන් දෙදෙනෙකු යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේදි නිදහස් කර තිබූ බවත් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ පරිවර්ථන ලේඛන කඩිනමින් අභියාචක විත්තිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සොලිසිටර් ජෙනරාල්වරියට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...