spot_img
spot_img

තොණ්ඩමන් ඇතුළු තිදෙනෙක් අධිකරණයට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් අද (29) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මොසමක් ඉදිරිපත් කරමින් පෙනි සිටි බව නුවරඑළිය මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග ඉකුත් මැයි මස 30 දින නුවරඑළිය පිඩෘ වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාව වෙත ගොස් එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය පැය කිහිපයක් ඔවුන් භාරයේ රඳවා ගත්තේ යැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉකුත් මස 22 වන දින කරුණු වාර්තා කරමින් කියා සිටියේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත්, විමර්ශන කටයුතු අවසන් කර නොමැති නිසා සැකකරුවන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවයි.

එම වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නිතිඥයින් සැකකරුවන්ගේ නම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන බවත්, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, එම පක්ෂයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජික ලෝගදාස් සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යෝගනාදන් යන මහතුන් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වු අවස්ථාවේ නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි මෙනවිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ, පොලීසිය මඟින් සැකකරුවන් කිසිවෙකු නම් කර නොමැති නිසා මෙම නඩුව ලබන මස 26 දින කැඳවන බවයි.

ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකු අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල් මහතාගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ, පොලීසිය මඟින් තම පක්ෂයේ මහ ලේකම්වරයාගේ හෝ තමන්ගේ නම් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොතිබු බවත්, වතු සමාගම් වෙනුවෙන් පෙනී සිටි නිතිඥයින් අධිකරණය හමුවේ තමන් සැකකරුවන් ලෙස නම් කර සිටි නිසා අධිකරණයට ගරු කිරීමක් වශයෙන් තම පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු තමන් තිදෙනා අද අධිකරණයට මොසමක් මඟින් ඉදිරිපත් වු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...