ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට පාර්ශව 03 කට කැඩී ගොස් ඇති බවට වාර්තාවනවා.
එම පක්ෂයේ නායකයින් කණ්ඩායම් 03 කට බෙදී ජනපති අපේක්ෂකයන් තුන්දෙනෙකුට උදව් කිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු කණ්ඩායමක් ජනපති අපේක්ෂක වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇති බවට වාර්තා වනවා.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඇතුලු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන බවට ප්‍රකාශ කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව පැවසෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය සහයෝගය ලබාදෙන ජනපති අපේක්ෂකයා අනිද්දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව පක්ෂයේ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.




