spot_img
spot_img

විරේන් නෙත්තසිංහ ඔලිම්පික් තරඟ බිමට

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට විරේන් නෙත්තසිංහ අද තරග බිමට පිවිසෙනවා.

ඔහු බැඩ්මින්ටන් ඉසව්වෙන් මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට පැරිස් නග­රයේ පිහිටි පෝට් ඩී ලා චැපල් අරීනා ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේ තරග වැදීමට නියමිතයි.

ඔහු එහිදී තරග වැදීමටයි නියමිතව ඇත්තේ, ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි හත්වන ස්ථානයේ සිටින මැලේසියානු ක්‍රීඩක ලී ෂී ජියා සමඟ වීම විසේෂත්වයක්.

එම තරගයෙන් අනතුරුව විරේන් නෙත්තසිංහ අනිද්දා ස්පාඤ්ඤයේ ෆැබ්ලෝ ඒ බියන් සමඟ තරග වැදීමට නියමිතයි.

ඔලි­ම්පික් උලෙ­ළට ඍජු සුදු­සු­කම් ලබා­ගත් 20 හැවි­රිදි බැඩ්මි­න්ටන් ක්‍රීඩක විරේන් නෙත්ත­සිංහ ඔලි­ම්පික් උලෙළ නියෝ­ජ­නය කරන ලොව ළාබා­ල­තම බැඩ්මි­න්ටන් ක්‍රීඩ­කයා බවට ඉති­හා­ස­ගත වෙමින් තර­ග­යට පිවිසෙනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...