2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහ තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතරයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගිය 26 වැනිදා අවසන් පූර්ව තරඟයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම පරාජයට පත්කර අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
බංග්ලාදේශ කන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් වත්මන් ආසියානු ශූරියන් වන ඉන්දීය කාන්තා කණ්ඩායමද අපරාජිතව මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
පසුගිය 2022 වසරේ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව හා ඉන්දියානු කණ්ඩායම් තරග කළ අතර එහිදී ආසියානු ශූරියන් බවට පත්වූයේ ඉන්දියානු කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර තරගය අද සවස 3.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා හා ඉන්දියානු ජාතික කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන T20 තරගය අද රාත්‍රී 7 ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටද නියමිතයි.




