spot_img
spot_img

මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 – 2024 අතර කාලයේදීඅඩුවී ඇතැයි මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත කල සාකච්ජාවකදී පවසා තිබෙනවා.

වැටුප් වල සත්‍ය අගය මෙසේ පහත වැටීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බරපතළ ලෙස දුර්වල වී ඇතැයිද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

මේ අනුව සලකා බලන විට 2020 වර්ෂය වන විට රුපියල් පනස් දහසක පමණ වැටුපක් ලැබූ අයකුගේ එම වැටුපේ සත්‍ය අගය අද වනවිට රුපියල් තිස් දෙදාහක් දක්වා පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා රුපියල් ලක්ෂයක පඩියක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් 64000ක් බවද එහි සදහන්.

එසේම රුපියල් දෙලක්ෂයක වැටුපක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් එක් ලක්ෂ විසි අට දහසක් බවද අතුකෝරල මහතා පවසනවා.

එසේම රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ගත් අයකුට බදු ගෙවීමටද සිදුවීමෙන් මිලදී ගැනීමේ හැකියාව තවත් අඩු වී ඇතැයි ඔහු එම ලිපිය මගින් පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...