spot_img
spot_img

ශ්‍රී ලංකාව අවසන් තරගයට

ආසියානු කුසලාන අවසාන පූර්ව වටයේ ශ්‍රී ලංකා – පාකිස්ථාන කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන තරගයේ ජය වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

කඩුළු 03ක් දැවී ලකුණු 141ක් රැස් කරගනිමින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ අවසන් පුර්ව වටයේ තරඟයට පළමුවෙන් පන්දුවට පහරදීමට කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පාකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 140ක් රැස් කිරීමට සමත් වුණා.

Gull Feroza ලකුණු 25ක්ද, Muneeba Ali ලකුණු 37ක්ද, නායිකා Nida Dar ලකුණු 23ක්ද, Sidra Amin ලකුණු 10ක්ද, Fatima Sana නොදැවී ලකුණු 23ක්ද, Aliya Riaz නොදැවී ලකුණු 16ක්ද ‍රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උදේෂිකා ප්‍රබෝධානි සහ කවීෂා දිල්හාරි කඩුලු 02 බැගින්ද රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 141ක ජයග්‍රාගී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා පිලට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 141ක් රැස් කරගනිමින් ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී නායිකා චමරි අතපත්තු ලකුණු 63ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 12ක්ද, කවීෂා දිල්හාරී ලකුණු 17ක්ද, අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායමේ Sadia Iqbal කඩුළු 04ක්ද, Omaima Sohail, Nida Dar එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...