spot_img
spot_img

රට සිහින මවා මුදල් ගත් 12ක් අල්ලයි

විදෙස් රැකියා ජාවාරම් සිදුකළ වංචාකරුවන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගිය 22 වනදා දින සිට 26 වනදා දින 5 ක කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.

මෙම පිරිස කටාර්, නවසීලන්තය, මැලේසියාව, රැමේනියාව හා කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයේ සඳහන්.

තව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නවසීලන්තයේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ නීතිවිරෝධි ආයතනයක්ද කුරුණෑගල ප්‍රදේශයේදී වැටලීම් කර ඇති අතර එහි තිබී ජිව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන අඩංගු ලිපිගොනු 108ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් වංචාකිරීම යන චෝදනාවලට අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ නීති කෘත්‍යන් සඳහා අධිකරණයන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් දඩුවම් පමුණුවා තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...