ජනපති අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
අගමැතිකම දෙනවනම් පක්ෂය සමග මිස තමා සමඟ කතා කිරීමෙන් පලක් නැතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :
අද මැතිවරණ කමිටු පිහිටු වීම , කාර්යාල දැමීම , ගෙන් ගෙට යෑ ම වැනි දෑ ගැන සාකච්ඡා කළා. පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කළේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ දේශපාලන මණ්ඩලයයි.
මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ රටට ගැලපෙන අපේක්ෂකයා තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ පක්ෂයට තිබෙන තැන ගැන අපි තීරණය කළ යුතු වෙනවා.




