spot_img
spot_img

Breaking:දේශබන්දුගේ වැඩ තහනම ගැන රජයේ ප්‍රකාශය තවත් දින දෙකකින්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම⁣ට අද (24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද සවස පැවැත්වුණා.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වූ අතර එම තීන්දුවේ නීති ගැටලු රැසක් පවතින බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ වුණා.

එම තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටලු ගැන අමාත්‍ය මණ්ඩල ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කෙරුණා.

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණේ අද පස්වරුවේ බැවින් ඊට අදාළ නීති ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය වි තිබුණා.

ඒ අනුව මීට අදාළ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණය කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...