spot_img
spot_img

සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවෙි සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වත්මන් සමාජ ආරක්ෂණ පද්ධතියට ඒකාබද්ධ වී තිබෙන එකිනෙකට සම්බන්ධයක් නොමැති වැඩසටහන්, යෝජනා ක්‍රම, ආයතන සහ නිමැවුම් මඟින් එකී සමාජ ආරක්ෂණ ක්‍රියාවලියේ පවත්නා සීමිත කාර්‌යක්ෂමතාවය හා ජාතික සංර්වධනයට දක්වන දායකත්වය අඩු බව පෙන්නුම් කරන බව රජය පවසයි.

ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇත. ඒ සඳහා අදාළ සියලුම පාර්ශ්වයන්ගේ මනා දායකත්වයෙන්, සම්බන්ධීකරණය හා අනුරූපී බව සහිත සමාජ ආරක්ෂණ පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රමෝපායික මග පෙන්වීමක් ලබා දීමට ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තිය සමාජ සකස් කර තිබේ.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්‌ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...