spot_img
spot_img

කටුනායක ඉංජිනේරු ඩිප්ලෝමාව උපාධියක් කරයි

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා,උපාධි පාඨමාලා තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කටුනායක, තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය යටතේ 1985 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, එය 2006 වසරේ සිට ඉංජිනේරු තාක්ෂණ ආයතනය ලෙස ස්ථාපිත කරනු ලැබ ඇත.

එම ආයතනය විසින් වසර 4ක අධ්‍යයන කාලය සම්පූණ කරන සිසුන් වෙත ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව ප්‍රදානය කරනු ලබයි. එකී ඩිප්ලෝමාව, ඉංජිනේරු තාක්ෂණ උපාධියක් දක්වා ඉහල නැංවීම පිණිස විශ්ව විද්‍යාලය වෘත්තීය හා තාක්ෂණ ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් එකඟතාවකට එළඹ ඇත.

ඒ අනුව ඉංජිනේරු තාක්ෂණ උපාධිය පිරිනැමීම සඳහා එම ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...