spot_img
spot_img

රන් බඩු උගස් කළ අයට ආණ්ඩුවෙන් සහනයක්

බැංකු වල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පසුගිය කාලයේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම සෘජුව හා වක්‍රව අහිතකර අන්දමින් බලපාන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් කිරීම සීග්‍රයෙන් වැඩි වී ඇතැයි රජය පවසයි.

2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම් වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ 172%කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවද රජය පවසයි.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු ආදායම්ලාභී පුද්ගලයන් වෙත සහන සැලසීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබා ගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම පිණිස යෝග්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...