spot_img
spot_img

අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයකට සූදානමින්

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද (23) පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,

“අක්ෂි රෝහල තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. කිසිසේත්ම ඔහුගේ තනතුරට ගැලපෙන ආකාරයට නෙමෙයි මේ පුද්ගලයා හැසිරෙන්නේ. ඒ නිසා දිගින් දිගටම මේ ගැන දැනුවත් කළා. නමුත් අපිට පේන්නේ නෑ සෞඛ්‍ය ලේකම් ලබාදුන් විධි විධාන හා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන බවක් බලධාරීන්. මෙයට විසඳුමක් උදේ 8 වෙද්දි ලබාදුන්නේ නැත්නම් මේ වනවිට තිබෙන තත්ත්වය සමාලෝචනය කර අපිට සිදුවෙනවා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...