කුකුළු ගොවිපළහිමියන් කිසිම හේතුවක් නොමැතිව කුකුළු මස් මිල වැඩි කරන බැවින් වහාම ඊට පාලන මිලක් නියම කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ක්‍රියා කළ යුතු බව පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පවසනවා.
පසුගිය කාලයේ විවිධ දෑ කියමින් මිල පහත හෙළිය නොහැකි යැයි අදෝනා දුන් මොවුන් විදුලිය බිල, ඉන්ධන මිල පවා ක්‍රමයෙන් අඩු වී තිබියදී කුකුළු මස් මිල ඉතා සුළු මුදලකින් අඩු කර ඇති බවත් ඇතැම් දිනවල තවත් මිල වැඩි කරන බවත් ඔහු සඳහන් කළා.
තවද නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් ලබන බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.
එහි සභාපති අනුර මාරසිංහ මහතා සඳහන් කළේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට වැය වන්නේ රුපියල් 20ක් මුදලක් වන නමුත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45-50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බවයි.




