නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ “Onmax DT” ආයතනයේ අධ්යක්ෂක ධනංජය ජයාන් නැමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් අත්තනගල්ලේ පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ ඊයේ (18) තහනම් කර තිබෙනවා.
නීති විරෝධී ලෙස ජනතා මුදල් වංචා කර ඇති එම ආයතනයේ අධ්යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට පෙර දින ප්රධාන මහේස්ත්රාත්වරයා කළ නියෝගයකට අනුව රහස් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන අධිකරණයට වාර්තා කළ අත්තනගල්ලේ ඉඩම මෙලෙස තහනම් කළ මහේස්ත්රාත්වරයා, ඒ පිළිබඳ අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්රාර්වරයාට දැනුම් දීමටයි නියම කර ඇත්තේ.
වංචනික මුදල් වලින් එම ආයතනයේ අධ්යක්ෂකවරුන් දේපළ මිලදී ගෙන ඇති බවටත්, මුදල් විවිධාකාර ආයෝජනය වලට ලක්කර තැන තැන හංගා ඇති බවටත්, මීට පෙර අවස්ථාවක ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ ආයතනයේ අධ්යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර තිබුණා.
ඒ අනුව, මහෙස්ත්රාත්වරයා නියම කර ඇත්තේ, අදාළ නඩුව අගෝස්තු 07 වැනිදා යළි කැඳවීමටයි.




