එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා :
“අපි යොමු වෙලා ඉන්නේ වැඩිපුර විදුලියෙන් ක්‍රියා කරන වාහන ගේන්න. වාහන ආනයනය කරන්නේ කොහොමද කියලා යම් ආරම්භයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.”




