spot_img
spot_img

ලංකාවට එන ඉන්දිය සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිතව තිබෙන තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියට තෝරාගත් ඉන්දීය සංචිත අද (18දා) පස්වරුවේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මින් එක්දින තරගාවලියෙන් විවේක ගනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ රෝහිත් ශර්මා, විරාට් කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම තරගාවලියට කැඳවා තිබීම විශේෂත්වයක් වනවා.

එමෙන්ම විස්සයි20 තරගාවලියට ශාරිරික යෝ‍ග්‍යතාව සම්බන්ධයෙන් ගැටළුවක සිටින හර්දික් පාණ්ඩ්‍යාද කැඳවා ඇති අතර, ඔහු ‌කණ්ඩායමේ හිටපු උපනායකයා වුවත් මෙම සංචිතයේ ක්‍රීඩකයෙකු ලෙස පමණක් නම්කර තිබීමත් විශේෂත්වයක්.

නිමා වූ 20යි 20යි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව රෝහිත් සහ කෝලි පවුලේ අය සමඟ විදේශ ගත වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්වනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා.

කෙසේ නමුත් ඉන්දීය නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ මෙම තීරණයට අප්‍රසාදය පළකර තිබූ බවටද තොරතුරු වාර්තා වනවා

ගාම්භීර්ගේ පළමු වගකීම වන්නේද මෙම ශ්‍රී ලංකා සංචාරයයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමුව 20යි 20යි තරග පැවැවෙන අතර, එම තරග මේ මස 27, 28 සහ 30 යන දිනවල පල්ලෙකැලේදී පැවැත් වෙනවා.

ඉන් අනතුරුව අගෝස්තු 02, 04 සහ 07 යන දිනවලදී තරග තුනකින් යුත් එක්දින තරගාවලිය කොළඹදී පැවැත් වෙන බව සඳහන්.

ඉන්දීය එක්දින සංචිතය

රෝහිත් ෂර්මා (නායක), ශබ්නම් ගිල් (උපනායක), විරාත් කෝලි, කේ.එල්. රාහුල් (කඩුලු රකින්නා), රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), ශ්‍රෙයාස් අයියර්, ශිවාම් ඩුබේ, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, වොෂින්ටන් සුන්දර්, අර්ෂ්දීප් සිං, රියන් පරාග්, අක්සාර් පටෙල්, ඛලීල් අහ්මඩ්, හර්ෂිත් රානා

ඉන්දීය විස්සයි විස්ස සංචිතය

සූර්යකුමාර් යාදව් (නායක), ශුබ්නම් ගිල් (උපනායක), යෂස්වි ජයිස්වාල්, රින්කු සිං, රියන් පරාග්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), සංජු සැම්සන් (කඩුලු රකින්නා), හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, රවී බිෂ්නෝයි, අර්ෂ්දීප් සිං, ඛලීල් අහ්මඩ්, මොහොමඩ් සිරාජ්

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...