ශ්‍රී ලංකා රජය 2025 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා නව කාර්යක්ෂම සහ ආරක්ෂිත විද්‍යුත් ගමන් බලපත්‍ර හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ අයදුම්කරුවන්ගේ පහසුව වැඩි කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
අයදුම්කරුවන් 2024 ජූලි 16 වන දින සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.immigration.gov.lk හි ලියාපදිංචි විය යුතුයි.
මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 2024 ජූලි 18 දක්වා පවතිනු ඇති අතර ඉන් පසුව පවතින ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවද සඳහන්.
නව විද්‍යුත් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ලියාපදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමි වන බවයි සඳහන් වන්නේ.
ප්‍රමුඛතාවය සඳහා අයදුම්කරුගේ නිර්ණායක:
වලංගු විදේශ ගමන් බලපත්‍ර හිමියන් ඉදිරි මාස 6 තුළ කල් ඉකුත් වේ.
මෑතක සිට විදේශ ගමන් සඳහා තම වත්මන් ගමන් බලපත්‍රය භාවිතා කළ අය.
දැනට සිටින විදේශ ගමන් බලපත්‍ර හිමියන්.
අවශ්‍ය ලිපි ලේඛන:
වලංගු ජාතික හැඳුනුම්පත (NIC).
වලංගු ජංගම දුරකථන අංකය, ලියාපදිංචි කිරීම් දෙකක් දක්වා භාවිතා කළ හැක.
ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය:
ඉහත දක්වා ඇති නිර්ණායක සපුරාලන අයදුම්කරුවන් https://www.immigration.gov.lk වෙත පිවිසිය යුතුය.
අනුමත ඡායාරූප මැදිරියකින් ලබාගත් ඡායාරූප රිසිට්පත රැගෙන ඒමද සිදු කළ යුතු වෙනවා.
වැඩිදුර විස්තර සහ යාවත්කාලීන සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.




