පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ තාවකාලිකව නව නායකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබෙන බවට වාර්තා වනවා.
ඒ අනුව නිල වශයෙන් පත් කිරීමේ උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (16 ) පස්වරු 2 ට පැවැත්වීමට නියමිතයි.
සිය පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාකාරිව සිදු කිරීම සඳහා තරුණ නායකත්වයක් අවශ්‍ය බැවින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න ඒ සඳහා පත් කර ගත් බව එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි මහතා පැවසුවා.
විශේෂයෙන් සිය පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම මෙවැනි පත්කිරීමක් කිරීමට ප්‍රධාන හේතුව වූ බවද නියෝජ්‍ය ලේකම්වරයා පවසා සිටියා.




