spot_img
spot_img

විදේශ සිසුන්ට උපාධි ලබා දෙන ආයතනය 26කට

උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල 17හි විදේශීය ශිෂ්‍යයින් සඳහා 5%ක ප්‍රතිශතයක් මේ වන විට වාර්ෂිකව වෙන් කරනු ලබනවා.

ඊට අමතරව, විශ්වවිද්‍යාල පනතේ 25(4) වගන්තිය මඟින් පිළිගෙන ඇති උපාධි පිරිනැමීමේ ආයතන 26 සඳහා ද විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම මඟින්, ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අරමුණ ඉටු කර ගත හැකි බව හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසනවා.

එහෙත් එක් එක් රටවල් විසින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බලනු ලබන පිළිගත් අවම සුදුසුකම්, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පනතේ 25(4) වගන්තිය යටතේ පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතනයක යම් උපාධියක් සඳහා ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකමක් වශයෙන් අනුකූල කර ගැනීමට ඇති හැකියාව නිර්ණය කර ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැති බව සඳහන් වනවා.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193හි විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා භාවිත කරන අවම සුදුසුකම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනතේ 25(අ) වගන්තිය යටතේ පිළිගත් උපාධි පිරිනැමීමේ ආයතන මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම ලෙස සැලකීමටත්, එකී සුදුසුකම් මඟින් අනාවරණය නොවන ව්‍යතිරේක අවස්ථා සඳහා UK NARIC ආයතනය වෙතින් සනාථ කර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...