spot_img
spot_img

සුරක්ෂා සිසු රක්ෂණාවරණය යළිත්

සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරිම සඳහාත්, ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් මිල ගණන් කැඳවීමටත් 2024 මැයි මස 6 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මිල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඇගයීමට ලක් කර 2024/2025, 2025/2026 සහ 2026/2027 යන වර්ෂයන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන රුපියල් බිලියන 6.027ක (වැට් රහිත) මුදලකට ක්‍රියාත්මක කිරීම නිර්දේශ කර තිබෙනවා.

ඉහත සඳහන් පරිදි වසර 03ක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය සඳහා වන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමටත්, සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රුපියල් 180,000කට අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ට හිමි දෙමාපිය මරණ ප්‍රතිලාභ “අස්වැසුම” වැඩසටහනට අයත් පවුල් වල සිසුන්ට ද ලබා දීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...