spot_img
spot_img

කොත්තු, රයිස් මිල පහළට

විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන බවයි.

මේ අතර, රයිස් සහ කොත්තු මිලත් රු 25කින් පහළ දමන අතර, පරාටා, බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දැමීමට නියමිතයි.

ප්ලේන් ටී එකක් රුපියල් 5කි අඩු කිරීමට නියමිත අතර මෙම සහනය දිවයින පුරා සියලු පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ද සභාපතිවරයා ආපනාශාලාහිමියන්ගෙන් ඉල්ලා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...