Thursday, June 4, 2026
spot_img
spot_img

ආණ්ඩුවට කැමති අය තුන් ගුණයකින් ඉහළට

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව රට හිතෙන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇත් බ​ව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළා.

මාස 4කට පෙර සිටි ජනතාව​ට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුමත කරන බවත් ආර්ථිකය සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුබවාදීව සිතන බවත් සිය දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම 2024 ජූලි ප්‍රතිඵලවලින් පෙනී යන බව​යි වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ.

එම ආයතනය සඳහන් කරන්නේ, එම ප්‍රතිඵලවලට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ තිබූ 7%ක අගයෙන් 24%ක් දක්වා එනම් තෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇති බවයි.

වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සමීක්ෂණයකට සහභාගීවූවන්ගෙන් 28%ක ප්‍රතිශතයක් වර්ග කර තිබෙන අතර එය 2024 පෙබරවාරි මාසයේ තිබුණු 9%ක අගයට වඩා තුන් ගුණයකින් ඉහළ යන අතර රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසත් තෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර එම පිරිස ප්‍රතිශතයක් ලෙස 30%ක්.

2024 පෙබරවාරි මාසයේ එසේ සිතා ඇත්තේ, 9%ක පිරිසක් පමණක් බවද සඳහන්.

2024 ජූලි මාසයේ දැන ගත හැකි මෙම ධනාත්මක පෙරැළිය 2023 ජූනි මාසයේ පැවති මට්ටම හා සමාන වනවා මෙන්ම ඇතැම් අංශවලින් තරමක් ඉහළ දළ වේග 2022 ජනවාරියෙන් පසුව රට, ආණ්ඩුව සහ ආර්ථිකය ගැන වැඩිම පිරිසක් ධනාත්මකව සිතූයේ 2023 ජූනි මාසයේ බව ද මෙම ප්‍රතිඵල ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් පවසනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...