කැනඩාවේදී සිදුකළ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා.
කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ ව්‍යාපාරික දෙපිරිසක් අතර ඇති වූ විරසකයක් මත සිදුකළ වෙඩි තැබීමකට මිය ගිය තරුණයා මැදි වී තිබෙන බවයි පැවසෙන්නේ.
ඊයේ (14) වූ සිදුවීමෙන් මියගොස් ඇත්තේ යාපනය සිට කැනඩාවට ගොස් එරට ව්‍යාපාරික කටයුතු සිදුකරමින් සිටි තරුණයෙක්.
ඔහු යාපනය, මීසාලේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සෙල්වසිංහම් සුලක්ෂන් නැමති අයෙකු බවයි වාර්තා වන්නේ.
ඔහුගේ පියා මීට වසර කිහිපයකට පෙර කැනඩාවට ගොස් ව්‍යාපාරික කටයුතු ආරම්භ කොට ඇති අතර පසුව පුතා අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරවාරයේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී තිබුණා.
ඔවුන්ට අයත් ව්‍යාපාරික ස්ථානයේදී එරට ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
එහිදී එක් පාර්ශ්වයක් විසින් සිදුකළ වෙඩි තැබීමකට මෙම තරුණයා ගොදුරු වී තිබෙන බව පැවසෙනවා.
ම්‍ර්හිදී තවත් කැනඩා ජාතිකයෙකු මියගොස් ඇති බවත් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වුණා.
කැනඩාවේ ටොරෙන්ටෝ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.




