Friday, June 5, 2026
spot_img
spot_img

Breaking: විදුලි බිලට දැනෙන වෙනසක්

මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවය.

ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබේ. එය 55% අඩුවීමක්.

ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය මීට පෙර පැවති රුපියල් 390 සිට රුපියල් 280ක් දක්වා පහත දමා ඇති බව ද මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේය.

ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත ඒ අනුව රුපියල් 1,140 සිට 700ක් දක්වා අඩුවී තිබේ.

ආගමික ස්ථානවල ද මීට සමගාමීව විදුලි බිල අඩුවෙන අතර ඒකක 90 දක්වා එක් ඒකකයක මිල රුපියල් 6ක් වේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...