spot_img
spot_img

පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මෙතෙක් තීරණය කර නැති අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය සතුව නැතැයි අමාත්‍යවරයා කීය.

ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් කළගුණ දන්නා පුද්ගලයකු ලෙස තමන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ගම්පහ උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...