බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
සක්‍රිය නිරිත දිග මෝසම් කාලගුණය නිසා පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර දක්වා ඉතා තද සුළං පැවතිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ද ඉතා රළුවිය හැකි බැවින් මෙම දැනුම්දීම සිදු කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.




