spot_img
spot_img

ශ්‍රී ලංකා – ඉන්දීය ක්‍රිකට් තරගාවලිය

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ කාල සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජූලි මස 27 වැනිදා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙවන තරගය ජූලි මස 28 වැනිදාත් තෙවන සහ අවසන් තරගය ජූලි මස 30 වැනිදාත් පැවැත්වෙනු ඇති.

එක්දින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස දෙවැනිදා කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දෙවන තරගය 04 වැනිදාත්, තෙවන තරගය අගෝස්තු මස 07 වැනිදාත් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම තරගාවලි සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායම ජූලි මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මීට පෙර අදාළ තරගාවලිය ජූලි මස 28 වැනිදා ආරම්භ කරන බවටයි තොරතුරු වාර්තා වුණේ.

එක්දින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස පළමුවැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...