Wednesday, May 6, 2026
spot_img
spot_img

බිත්තර වැට් බද්ද ඉහළ දාන කතාව බොරු

ලබන වසරේ සිට බිත්තර සදහා වැට් බද්දක් පැනවීමට රජය කටයුතු කරන බවටත්, මේ නිසා බිත්තර මිල ඉහළ යා හැකි බවටත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයක් යැයි කියා ගන්නා එක්තරා සංගමයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක් සම්බන්ධව අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, බිත්තර සඳහා ලබන වසරේ සිට නොව මේ වන විටත් 18%ක බද්දක් අය කරනු ලබන බවත් මෙම වැට් ප්‍රමාණය කිසිසේත්ම ලබන වසරේ තවදුරටත් ඉහළ දැමීමට සූදානමක් නැති බවයි.

පසුගිය වර්ෂයේ දී මෙරට දෛනික බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 7ක් වුවද, මෙම වර්ෂයේ දෛනික බිත්තර පරිභෝජනය 15% කින් ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යාංශය පවසනවා.

දැනට ලංකාවේ දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර මිලියන 8.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...