spot_img
spot_img

රාජගිරියේ වගුරක් නාගරික උයනක් වෙයි

රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ හා ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංර්වධනය කිරීමේ සංස්ථාව විසින් මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, ශ්‍රී ජයර්වධනපුර ‌කෝට්ටේ, කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පිහිටි වගුරු ඉඩම් කොටස් ජල රැඳවුම් ස්ථාන ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට අත්කර ගෙන ඇත.

ඒ යටතේ අත්කර ගන්නා ලද රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් අනවසර ඉදිකිරීම් සහ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් විසින් උත්සාහ දරන අතර එකී ඉඩම් ආරක්ෂා කර ගනිමින් ඒවා පවරා ගැනීමේ අරමුණු වලට හානියක් නොවන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංර්වර්ධනය කිරීමේ සංස්ථාවේ මග පෙන්වීම යටතේ යෝග්‍ය සංර්වධන කාර්යයන් සඳහා යොදා ගැනීම සුදුසු බවට පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

ඒ අනුව හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටසක් ආදායම් උත්පාදන මාර්ග සහිතව ‌පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබා ගනිමින් නාගරික උද්‍යානයක් ලෙස සංර්වධනය කිරීම පිණිස යෝජනා කැඳවීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...