spot_img
spot_img

අපි අභියෝගවලට බයේ පැනල යන්නෙ නැහැ – නාමල්

මහින්ද චින්තනයේ ආභාෂයෙන් ගොඩනැඟුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති කඳවුර, අභියෝගවලින් පලා නොයන දේශපාලන පක්ෂයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පසුගිය 08 වැනිදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් දෙනියාය ආසන සමුළුව අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

නාමල් රාජපක්ෂ මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේ කුමන අභියෝගයක් පැමිණිය ද ඊට බිය වී තම පක්ෂයේ දේශපාලන චින්තනය වෙනස් නොකරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“පසුගිය කාල සීමාව තුළ අපේ පක්ෂයේ පවත්වපු ආසන බල මණ්ඩල අතරින් ඉතාමත් සාර්ථක බල මණ්ඩලයක් ලෙස දෙණියාය ආසන බල මණ්ඩලය හඳුන්වන්න පුළුවන්. ඒක පක්ෂයට ලොකු ගෞරවයක්. ඒ වගේම අපි විශ්වාස කරනවා අපි නියෝජනය කරන දේශපාලන කඳවුරට විශාල ශක්තියක් වෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග බැඳුන දිස්ත්‍රික්කයක් තමයි මාතර දිස්ත්‍රික්කය කියන්නෙ. හම්බන්තොට දිස්ත්‍රික්කය හා සමානව මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් ලෙංගතු දේශපාලන කඳවුරක් විදියට මාතර දිස්ත්‍රික්කය හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් දෙණියාය ආසනයත් ඒ වගේම තමයි. අපි කුඩා කළ ඉදන් හැදුන වැඩුන, ආව ගිය ගම්මාන තිබෙන නෑදෑ හිත මිතුරන් සිටින වැඩිහිටියන් සිටින ආසනයක් විදියට දෙණියාය හඳුන්වන්න පුළුවන්. අපි පසුගිය කාලයේ විශාල ජයග්‍රහණ ලැබුවා. එ ජයග්‍රහණ වගේම අපි අභියෝගවලටත් මුහුණ දුන්නා. අපි අපරාජිත දේශපාලන පක්ෂයක්. යම්කිසි කුමන්ත්‍රණයක් විසින් පසුගිය කාලෙ අපේ ආණ්ඩුව වැටුණා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...