පකිස්ථානයේ පළමු මව්කිරි බැංකුව ආරම්භ කිරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක් කරාචි නුවර ඉස්ලාමීය සෙමනේරියක විරෝධතා හේතුවෙන් අසාර්ථක වුණා.
මුස්ලිම් පූජකවරුන් විසින් මෙම ව්‍යාපෘතියට මුලදී කොන්දේසි සහිතව අනුමැතියක් ලබා දී තිබුණු නමුත් එය ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර එම අනුමැතිය ඉවත් කර ගෙන තිබෙනවා.
පකිස්ථානය යනු, ලොව පස්වන වැඩි ම ජනගහනයක් සහිත රටයි. යුනිසෙෆ් සංවිධානයට අනුව, දකුණු ආසියාවේ ඉහළ ම ළදරු මරණ අනුපාතය ද ඇත්තේ එරටයි.
මව්කිරි බැංකුව වැනි පහසුකම් ජීවිතය ත් මරණය ත් අතර සටන් කරන ළදරුවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කළ හැකියාව පවතිනවා.
මන්ද, ඒවා තම මවගේ කිරි වෙත ප්‍රවේශ විය නොහැකි රෝගී සහ නොමේරූ ළදරුවන් සඳහා ඇති හොඳ ම විකල්පය ලෙස සැලකෙන බැවින්
Comments




