Saturday, May 9, 2026
spot_img
spot_img

ඝාතන ලැයිස්තුවේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් ඇතුළු 07ක්

දැනට ප්‍රංශයේ සැඟව සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ ඩුබායිහි සැඟව සිටින ලොකු පැටී දෙදෙනාගේ ඝාතන සැලැස්මක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මේ පිළිබඳව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන්කළේ.

ලැබී ඇති තොරතුරු අනුව කංජිපානි සහ ලොකු පැටී මෙරට ප්‍රසිද්ධ ගායකයෙකු සහ රංගනශිල්පියෙකු ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කොට ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම පිරිස පාතාල සාමාජිකයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි ලබා නොදුන් බවට පවසමින් මෙම ඝාතන සැලැස්ම සූදානම් කර තිබෙනවා.

මීට පෙර මෙම ගායකයා ඇතුළු පිරිස එම පාතාල සාමාජිකයින් සැඟව සිටින රටට ගොස් උත්සවයකටද සහභාගී වී ඇති බවට හෙළිවී තිබෙනවා.

පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවා මෙම ඝාතන සැලැස්මේ ඇත්ත නැත්ත පිළිබඳව සොයා බැලීමක් කරගෙන යන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...