spot_img
spot_img

පළාත් පාලන ආයතනවල අධීක්ෂණ නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගුයි

පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි තමන් පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව කළ දැනුම්දීමකට අනුව මෙම පත්වීම් අවලංගු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිට බලාත්මක බැවින් එම පත්වීම් නීති විරෝධී බව තමන් පෙන්වා දුන් බව ද සභාපතිවරයා සදහන් කළා.

ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම ප්‍රදානය කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පසුගියදා පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් ලබා දුන් එවැනි පත්වීම් අවලංගු කළ බව මෙතෙක් දැනුම් දී නොමැති බව ද සභාපතිවරයා පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...