spot_img
spot_img

ගෙදර ඉන්න වුණත් අපි ලෑස්තියි – දුම්රිය වෘත්තීය සමිති දැඩි ස්ථාවරයක

සේවය හැරයෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, “අපිත් බය නැහැ. ගෙදර ඉන්න වුණත් අපි ලෑස්තියි. මේ මර්දනයට එරෙහිව හෙට තවත් වෘත්තීය සමිති එකතු වෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් එක්කෙනෙක්වත් මේ ලියුම්වලට බය වෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ.. මගී ජනතාවට වෙන අපහසුතාවය ගැන. බලධාරීන් විසඳුම් දෙන්න ඕනේ.”

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා සිදුකළ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තා කළ යුතු බවයි.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවද වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...