දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ධාන්‍ය මිල සීඝ්‍ර ලෙස පහත බැස ඇති බව තොග ව්‍යාපාරිකයෝ පවසනවා.
පසුගිය සමයේ රුපියල් 1,000 සිට 1,500 වැනි මිල ගනන් වලට අලවි වූ ධාන්‍ය වර්ග රැසක මිල මේ වන විට පහත බැස තිබෙනවා.
කෙසේ වෙතත් පහත ගිය ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදන වල මිල ගනන් වල පහත බැසිමක් දක්නට නොලැබෙන අතර එම නිෂ්පාදන වල සෙසු අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම් හේතුවෙන් මිල පහත ගියද සිය නිෂ්පාදන වල මිල අඩුකල නොහැකි බව ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදකයෝ කියා සිටියා
පසුගිය දා (09) වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිකුත්කල මිල දර්ශනයට අනුව ධාන්‍ය කිලෝවක තොග මිල සටහන් වූයේ මේ අයුරින් :
බඩඉරිගු ඇට රුපියල් 130.00, සොයා බෝංචි රුපියල් 280.00, සියඹලා රුපියල් 290.00, තල රුපියල් 500.00, මුං ඇට රුපියල් 490.00, කවුපි රුපියල් 640.00, කුරක්කන් රුපියල් 290.00, කඩල රුපියල් 400.00, රටකජු රුපියල් 390.00.




