spot_img
spot_img

භාණ්ඩ මිල යළි ඉහළට?

රේගු නිලධාරීන් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේදී යළිත් වරක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව රේගු නිෂ්කාශන නියෝජිතයින් පවසනවා.

ඒ රේගුවේ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු ප්‍රමාදවීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන්.

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එක් ආයතනයකට බලය පැවරීමට එරෙහිව රේගු වෘත්තිය සමිති පසුගිය සතියේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

පසුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවැති සාකච්චාවකදී පැමිණි එකඟතාවකට අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට රේගු වෘත්තිය සමිති සන්ධානය පියවර ගත්තා.

කෙසේ වුවත් අද වනවිටත් රේගුවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බවටයි කන්ටේනර් රථ රියදුරන් ඇතුළු සේවකයින් පවසන්නේ.

වරාය පරිශ්‍රයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්කාශන කටයුතු නිසි ලෙස ඉටු නොවීමෙන් භාණ්ඩ බහලුම් රැගෙන යන කන්ටේනර් රථ රියදුරන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

මේ වනවිටත් වරාය පරිශ්‍රෙය් කන්ටේනර් රථ දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ඉදිරි දින වලදී බොහෝ විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...