spot_img
spot_img

පෑලියගොඩ මාළු ඇත්තටම හොදද ?

නිසි ගබඩා කිරීමේ පහසුකම් නොමැතිකමින් ගුණාත්මක මත්ස්‍යයින් මිලදී ගැනීමේ අවස්ථාව ජනතාවට අහිමි වී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් පවසනවා.

මේ හේතුවෙන් දිනකට මසුන් කිලෝ ලක්ෂයකට අධික ප්‍රමාණයක් අපතේ යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය අස්වැන්න අධික වීමත් සමග නිසි ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන බවට වෙළෙඳුන් පෙන්වා දෙනවා.

ධීවර අමාත්‍යාංශයෙන් ඊට නිසි ක්‍රමවේදයක් සකසා නොදීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම අතිරික්ත මත්ස්‍ය අස්වැන්න සහ ඉවත් කරන මත්ස්‍ය කොටස් එකතු කර පොහොර සැකසීමේ අංගනයක්ද මෙම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ස්ථාපිත කර තිබෙනවා.

එවන් පසුබිමක ගුණාත්මක බවින්යුත් මාළු මෙම වෙළෙඳපොළේ ඉතා අධික මිලක් යටතේ අලෙවි වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කර නිසි වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස වෙළෙඳුන් ඉල්ලා සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...