spot_img
spot_img

පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ සහ වෙනත් වාහන සඳහා ද නියාමනයක් කිරීමට හැකි පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වැඩි බලයක්

ජාතික ගමනාගමන කොමිෂන් පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාසනය ලැබී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු පවසා සිටියේ දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණක් මැදිහත් විය හැකි නමුත් පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ සහ වෙනත් වාහන සඳහා ද නියාමනයක් සිදු කිරීමට හැකිවන පරිදි පනත සංශෝධනය කර ඇති බවයි.

“අපි ඉතාම බරපතළ ලෙස පිළිගන්නවා ත්‍රීරෝද රථ විශාල මහජන සේවාවක් කරනවා. එය අවශ්‍යයෙන්ම නියාමනය කළ යුතුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය බලතල නැති නිසා මම ජාතික ගමනාගමන කොමිෂන් පනත සම්පුර්ණයෙන් සංශෝධනය කරලා… දැනට තියෙන තත්ත්වය වෙනස් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවලා පනත් කෙටුම්පතට නිෂ්කාසනය ලැබිලා තියෙනවා.”

“ඒ කියන්නේ, දැනට ජාතික ගමනාගමන කොමිසමට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණයි මැදිහත් වෙන්න පුළුවන්. පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ හා අනෙකුත් වාහන සඳහාත් ජාතික ගමනාගමන කොමිසමට නියාමනයක් කිරීමට අවසර ලැබෙන පිරිදි පනත සංශෝධනය කරලා…නිෂ්කාසන ලබාගෙන තියෙනවා. ඉතා නුදුරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”

මේ හරහා මීටරයක් සවි කිරීම, රිසිට් පතක් ඉල්ලා සිටියහොත් එය නිකුත් කිරීම ආදී කරුණු නිසි ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...