spot_img
spot_img

රුපියල් ලක්ෂ 530 ක මහජන මුදල් අවභාවිතා කිරීම..! “මහින්දානන්ද නිදොස්කොට නිදහස් කරනවාද..?” තීන්දුව හෙට

2015 වසරේ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, ක්‍රීඩා සංගම් අතර බෙදා හැරීම සදහා කැරම් බෝර්ඩ් මිලදී ගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 530 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්, එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට සතොස සභාපති වූ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබුණු නඩුවේ තීන්දුව හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිලි පාර්ශ්වය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති නිසා, මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන අය නිදොස් කොට නිදහස් කරන ලෙස, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ත්‍රීපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම නඩුවේ තීන්දුව ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත්, තීන්දුව ප්‍රකාශ කිරීම හෙට දිනය දක්වා කල් දැමීමට අධිකරණය තීරණය කළා.

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි වූ මුදල් භාවිතා කරමින් කොළඹ හත කිංසිපාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබුණු නඩුවෙන් පසුගිය දා ඔහු නිදොස්කොට නිදහස් කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...